Sri Lanka
වෙනස්ම විදිහේ ප්‍රදර්ශනයක් කරපු 75 යේ අම්මා.
25 | 2025-07-26 02:53 PM
වයස අවුරුදු 75 ක් වන ගැවිලිපිටියේ පදිංචි එස්.පී.කේ රත්නායක මහත්මිය විසින් වයස අවුරුදු 14 සිට බුදු සරණ පුවත් පතින් එකතු කර ගන්නා ලද සිදුහත් බෝසතානන් වහන්සේගේ උත්පත්ති සිදුවීම් මාලාවේ සිට බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වානය දක්වා ඇති විශේෂිත සිදුවීම් මාලාවත් ලංකා මහින්දාගමනයෙන් අපහට ලැබු උරුමයන්ද නිරූපනය වන පුවත් පත් ජායාරූප එකතුවේ ප්‍රදර්ශනය පසුගිය දිනක අරණායක ගැවිලිපිටියේ බුධවත්ත කලා ආයතනයේදි දින තුනක් පුරාවට ප්‍රදර්ශනයක් ලෙසින් පවත්වන ලදි. මෙම ප්‍රදර්ශනය පැවැත්විම පිළිබඳව අපට අදහස් දැක්වු එස්.පී.කේ රත්නායක මහත්මිය මෙසේ අප සමග පැවසීය. වයස අවුරුදු 14 සිට මම පුවත් පත් අරන් මේ වාගේ ජායාරූප තිබෙන පිටු එකතු කරනවා. ඒ දවස් වල පාසල් ගියාට පොත් ගන්න සල්ලි නැහැ. ආණ්ඩුවෙන් නොමිලේ පොත් දුන්නෙත් නැහැ. පාසල් අධ්‍යපනයට අවශ්‍ය කරුණු දැනුම සොයා ගත්තේ පත්තර වලින් උසස් පෙළ සහ සාමන්‍ය පෙළ බෞද්ධ සංස්කෘතියට සහ ඉතිහාසයට එදා වාගේම තමයි අදටත් මම ඒ විදිහට සියලු පුවත් පත් එකතු කරනවා විශේෂයෙන් බුදු සරණ පත්තරය. ඔනෑම පත්තරයක අවශ්‍ය කොටසක් තිබුණොත් එක සුරක්ෂිතව තබා ගන්නවා යැයි පැවසීය. ඇය මහනුවර ඩි.එස් සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර මිට දසක ගණනාවකට පෙර මෙම පාසල හදුන්වා ඇත්තේ සෙංකඩගල මහා විද්‍යාලය නමින් හදුන්වා ඇති පාසලක්. අවිවාවහක කාන්තාවක් වන ඇය මෙම පුවත් පත් සියල්ල එකතු කර මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණා. ඇය දැනට හදවත් රෝගි තත්වයකින් පෙලෙන අතර ඇයගේ මනස සුවපත් වන ඇයගේ සතුට ඇති වන කාරණයක් නිසා ඇයගේ එකම සහෝදරීය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දී තිබෙනවා. ඇය නමින් එස්.පී.කේ පුණ්‍යා රාමනායක මහත්මියයි. ප්‍රදර්ශනය නැරඹිමට පැමිණි දයාරත්න පොඩිමැණිකේ මහත්මිය. මම මෙහෙම අලංකාර දර්ශනයක් කලින් දැකලා තිබුණේ නැහැ. මෙතුමිය විසින් පවත්වන්න යෙදුනු මේ ප්‍රදර්ශනය මං හිතන්නේ ලොකු පිංකමක් කියලා. මාවනැල්ල සමන් විජය බණ්ඩාර

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර