ප්‍රමාණවත් අමුද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකිවීමත්ල නිෂ්පාදන අලවි කිරීමටත් නොහැකි විමත් හේතුවෙන් උළු කර්මාන්ත ශාලා සීඝ්‍රයෙන් වැසී යන බව ව්‍යාපාරිකයන් පවසයි.
මේ රට වෙන්නප්පුව සහ දංකොටුව යන ප්‍රදේශවල උළු කර්මාන්ත ශාලා 600ක් පමණ ඇති අතරල ඉන් නිෂ්පාදන කටයුතු සිදු කරනුයේ කර්මාන්ත ශාලා 50ක පමණ බව ව්‍යාපාරිකයින් සඳහන් කරයිග පවතින තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කිරිම සඳහා එම ප්‍රදේශයට සංචාරය කළ අවස්ථාවේදී එම කර්මාන්ත ශාලා බොහෝමයක් අබලන් වී ඇති ආකාරයත්ල එහි වටිනා උපකරණ දිරා පත්ව ඇති ආකාරයත්ල නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගනු ලබන රාමුල රාක්ක ද විනාශ වී ඇති බව දක්නට ලැබුණීග මේ සම්බන්ධයෙන් සමස්ථ ලංකා මැටි උළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්ගජේග බැප්ටිස් ප්‍රනාන්දු මහතාගෙන් අදහස වුයේ උළු නිෂ්පාදනය සඳහා විශාල මුදලක් වැය වන බවත්ල ඒහෙයි පාරිභෝගිකයා වෙනත් විකල්පවලට යොමු වන බවත් යග රජය විසින් සිදු කරනු ලබන ඉදිකිරීම්වල සෙවිලි කිරීම සදහා උළු ලබා ගන්නා ලෙස සංගමයක් රජයෙන් ඉල්ලිමක් සිදු කළ අතරල කර්මාන්ත ඇමතිවරයා සඳහාන් කළේ සියළුම මිලදී ගැනීම් සිදු කරන්නේ තරගකාරීත්වය මත බවයි.
අමු ද්‍රව්‍ය සපයා ගැනීමට අප කල යෝජනාව වුයේ පුත්තලම දිස්ත්‍රික්කයේ උළු නිෂ්පාදනය යොදා ගත හැකි මැටි තියන වැව් තෝරා දෙන ලෙසයග වැව් ගැඹුරු කිරීමේදී ඉංජිනේරුවරුන්ගේ උපදෙස් සහ ගොවි සංවිධානවල අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කළ හැකි බවටත් යෝජනා කරනු ලැබීයග නමුදු මේ සඳහා නිසි පිළිතුරක් තවමත් රජයෙන් ලැබී නොමැත. උළු කියන්නේ පරිසර හිතකාමී දේශීය නිෂ්පාදනයක්ග මේ කර්මාන්තය වටා ලක්ෂ 05 ක පමණ ජනතාවක් සම්බන්ධ වී සිටින අතර ඔවුන් සියළුම දෙනා මේ වන විට අසරණ තත්ත්වයට පත් වී ඇත.
උළු කර්මාන්ත හිමිකරුවෙකු වන ස්ටැන්ලි තිසේරා මහතා අපිට හමු විය.
උළු කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරිමට අවම වශයෙන් රුපියල් මිලියන 09ක් 10 ක් පමණ වේග උපකරණල යාන වාහනල සේවකයින්ට නවාතැන් පහසුකම්ල යටිතල පහාසුකම් ලබා දෙන්නට අවශ්‍ය වේග නමුදු පසුගිය දිනවල විදුලි බිල ඉහළ යාම අපට දරා ගත නොහැකි වියග කර්මාන්ත ශාලා කර ගෙන යාමට අපහාසු විමත් සමඟ සේවකයන් වෙනත් වෙනත් ආයතන කරා යොමු වෙනවා. මේ නිසා කර්මාන්තය ටිකෙන් ටික වැහෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. කර්මාන්ත ශාලාවේ තියෙන වටිනා උපකරණ මේ වන විට දිරා පත් වෙමින් තියෙන්නේග ඒවා නඩත්තුවට විශාල මුදලක් වැය වෙනවාග මේ නිසා වෙන්නේ කර්මාන්ත ශාලාව වසා දමන්න.
උළු කර්මාන්ත ශාලා සේවකයෙකු වන ජාලිය ජයවික්‍රම මහතා ද අපිට හමු විය.
මම වැඩ කරන කර්මාන්ත ශාලාව අයිති හිමිකරුට නුගේගොඩ පැත්තේ අලවි සැලක් තිබුණාග දැන් ඒ් අලවි සැළ වැහිලා ගිහිංගඒ් නිසා හිමිකාර මහත්තයා මට කිව්වා දංකොටුවට ඇවිත් මේ උළු කර්මාන්ත ශාලාව බලා ගෙන ඉන්න කියලාග අපි නම් ලොකු නිෂ්පාදනයක් කරන්නේ නෑග ඒතනින් ලොකු ආදායමක් ලැබෙන්නේ නෑග යාන්තමට ජීවිතය ගැට ගහගෙන ඉන්න පුළුවන්.
බලයට පත් වෙන්න කලින් හැම කෙනෙක්ම කියන්නේ රටේ තියන සියළුම කර්මාන්ත ශාලා ශක්තිමත් කරලා සාමාන්‍ය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරනවා කියලයිග ඒ්ත් දැන් සාමාන්‍ය ජනතාව කබලෙන් බිමට වැටිලා තියෙන්නේග මේ විනාශ වළක්වා ගන්න හැකි වෙන්නේ රජයට විතරයිග ව්‍යාපාරිකයින්ට කරන්න දෙයක් දැන් ඉතුරු වේලා නෑ.
මේ ආකාරයට අපට හමුවූ උළු කර්මාන්ත හිමිකරුවන් මෙන්ම සේවකයින්ද කියා සිටියේ එකම දුක් ගැනවිල්ලකිග ඔවුන්ගේ දුක - වේදනාව සාධාරණයග මන්ද රටක් කරවන ඇත්තන් බලයට ගෙන එන්නට ඔවුන් කටයුතු කර ඇත්තේ කිසිදු ලොකු - පොඩි බේදයකින් නොවන නිසාය. දේශීය උළු කර්මාන්තය රැක ගත යුතුවම ඇතග නිවසක සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්නට නම් පරිසර හිතකාමී සෙවිලි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයග එසේම උළු කර්මාන්තය වටා ලක්ෂ ගනනක ජනතාවක් සෘජු සහ වක්‍ර ලෙස ජීවත් වේග ඒ් සියල්ල ආරක්ෂා කිරීමත් රැක ගැනීමත් රටකරවන ඇත්තන්ගේ යුතුකමක්ම නොවන්නේද.
ජුඩ් සමන්ත හලාවත