ඒ මහතා මේ බව පැවසුයේ දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි.
විශේෂයෙන් ලංකාවේ ක්‍රීඩාවේ විනය හැදෙනවා අවමයි. ඉහළ පෙලේ එම ක්‍රීඩා උගන්වන ගුරුවරුන් සමහරක් ක්‍රීඩාව ඉගැන්නුවාට විනය හදන්න උගන්වන්නේ නැහැ. ඒ නිසා ක්‍රීඩකයන්ගේ විනය නැහැ, ඉවසීම නැහැ, එයාලාගේ දායව කරුණාව මෛත්‍රීය නැහැ.
ඉස්සර ඉදන් මේ ක්‍රීඩාව ඉගෙන ගත්තේ විනය හදන්න මනස හදන්න. ඉස්සර ඉදන් ගුරුවරු දරුවන් හැදුවේ ඒ විදිහට අද ඒ වාගේ ගුරුවරුන් අල්පයි. ක්‍රීඩාවක් සටන් කලාවක් ඉගෙන ගන්න දරුවෙකු සාමන්‍ය දරුවෙකුට වඩා ලොකු වෙනස් තියෙනවා. දෙමාපියන් වන ඔබ දරුවන් මොනවා හරි ක්‍රීඩාවකට හෝ සටන් කලාවක් ඉගෙන ගන්න පුරුදු පුහුණූ වෙන්න යෙදවීම හරහා දරුවන් නිතර දෙවේලේ හැදෙන ලෙඩ දුක් වලින් බෝ වෙන රෝග වලින් පවා බේරා ගැනීමට හැකියාව තිබෙනවා.
අද දරුවන් දෛනිකව ගන්න ආහාර වල බොහෝමයක් දරුවන් ලෙඩ කරන ශක්ති ජනක නොවන ආහාර වැඩි. කුඩා කාලයේ සිටම කෙරෙස්ටොල් සහ සීනී ආශ්‍රීත රෝගි තත්වයන්ට ගොදුරු වේලා තියෙන්නේ ක්‍රීඩාවක නිරත නොවීම නිසා. දරුවන්ට වැඩි වේලාවක් අව්වේ ඉන්න බැහැ කලන්තය අල්ලලා වැටෙනවා. පොඩි පින්නක් වැටෙන්න බැහැ උණ සෙම්බිරිස්සාව හැදෙනවා. ඉස්සර පාසල් යද්දි කිලෝමිටර් ගණන් දරුවෝ ඇවිදන් ගියා අද ව්‍යායමක් නැහැ. අඩි 10 ක් වත් පයින් යන්නේ නැහැ. මහ පොළොව පැගෙන්න ඇවිදින්නේ නැහැ. මේ නිසා විවිධ ලෙඩ දුක් වලට ඔවුන් මුහුණ පානවා.
ඒ නිසා දිවුණූ වෙමින් පවතින ලෝකයේ දරුවන්ගේ මනස ශරිරික ශක්තිය දියුණු කර යුතුව ඇත. ඒ නිසා අද දවසේ දිනය පුරා කරන ලද මෙම ප්‍රායෝගික පුහුණු විම ඔවුන්ගේ දෛනික ජිවිතයට වාගේ අනාගතයට බෙහෙවින් වැදගත් වෙව් කියලා මං හිතන්නේ. මේ දරුවන් මෙම අවස්ථාවට එක් විම ඔවුන්ගේ වාසනාවක් යැයි කියා මා හිතනවා.