Sri Lanka
කුකුළු මස් අලවි සැළක් පිටුපස තිබූ බෑගයක යුධ හමුදා නිල ඇදුම් කට්ටලය
2025-07-25 08:52 AM
මාරවිල - හොරගොල්ල ප්‍රදේශයේ කුකුළු මස් අලවි සැළක් පිටුපස තිබූ අතහැර දමන ලද බෑගයක තිබී යුධ හමුදා නිල ඇදුම් කට්ටල කීපයක් සොයා ගෙන ඇති බව මාරවිල පොලීසිය කියයි.
ඉකුත් 24 වැනිදා සවස පොලීසිය විසින් මෙම බෑගය සොයා ගෙන ඇත.
කුකුළු මස් අලවි සැලේ හිමිකරු වන ඩබ්ලිව්ගඑම්ගඅජිත් ප්‍රනාන්දු යන අය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව එම බෑගය සොයා ගැනීමට පොලීසියට හැකිවී ඇත.
සොයා ගන්නා ලද බෑගය තුළ තිබී යුධ හමුදා නිල කමිස 02ලකලිසම් 04 ක්ලටී ෂට්ර් 06 ක් සහ හිස් වැසුම් 03 ක් තිබී ඇත.
මෙම යුධ හමුදා ඇදුම් කට්ටල සහ ඉකුත් 22 වැනිදා රාත්‍රීයේ නාත්තන්ඩිය - මරද ප්‍රදේශයේදී දෙදරු මවක් වෙඩි තබා ඝාතනය කිරීම අතර සම්බන්ධයක් තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන බව පොලීසිය කියයි.
මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට