සල්ලිම නෙවෙයි ජීවිතයේ වැදගත් වෙන්නේ මනුස්සකමයි ගොඩක්ම වැදගත් වෙන්නේ යැයි කියමින් ලක්ෂයකට වඩා වටිනා නැති වු ඇපල් ඔරුලෝසුව නැවත විදේශිකයන් ට බාරදෙමින් කොන්දොස්තර කියති.
ශ්‍රි ලංකාව විදෙස් සංචාරකයන්ගෙන් පිරි රටට ආදායම් වැඩි වැඩියෙන් ගෙන එමින් පවතින මොහොතකල රටේ හොද නාමට ඇතිවන අයුරින් අවංකව කටයුතු කල කොන්දොස්තර මහතෙක් නිසා විදේශික යුවලකගේ මුවගට සිනහව සතුට එකතු කරනු අප කැමරා කාචයේ සටහන් කර ගත හැකි විය.
රටේ සංචාරක කර්මාන්තයේ දියුණුවටද අවශ්‍ය වන්නේ එවන් වු අවංක මිනිසුන්මය.
මහනුවර සිට දෙහිඅත්තකන්ඩිය ල නුවරගල දක්වා ගමන්කරන පෞද්ගලික බස්රථයක මහියංගණය දක්වා පැමිණි ස්පාඥ ජාතික විදේශිය සංචාරක යුවලකගේ රුපියල් ලක්ෂයකට වඩා වටිනා ,ඇපල් , වර්ගයේ අත් ඔරුලෝසුවක් පසුගිය 22 සවස නැතිවී ඇත.
අස්ථාන ගතවු අත් ඔරුලෝසුව පිළිබද විදෙස් යුවල ඔවුන් නැවතීමට පැමිණි සොරබොර ,ද හොවන් , හෝටලයේ හිමිකරුවන් හට පැවසීමෙන් අනතුරුව විදෙස් යුවල පැමිණි බස් රථයේ ටිකට් පතෙහි සඳහන් තොරතුරු අනුව එහි හිමිකරු හට කථාකර විමසීමේදීල බස්රථයේ කොන්දොස්තර මහතා බස් රථය පිරිසිදු කිරීමේදී අත් ඔරුලෝසුවක් අහුලා ඇති බව පවසා ඇත.<div>
බස් රථය නැවත පැමිනෙන විට එය මහියංගණයේදී ලබාදිය හැකි බව පවසා ඇත
ඒ් අනුව 23 දින දහවල් මහියංගණ පෞද්ගලික බස් නැවතුමේදී නැති වී හමු වූ ,ඇපල් , වර්ගයේ අත් ඔරුලෝසුව විදෙස් යුවල හට බාරදීම බස් රථයේ කොන්දොස්තරවරයා විසින් සිදු කරන ලදී
විදෙස් යුවලගේ අස්ථාන ගතවු ,ඇපල් , වර්ගයේ අත් ඔරුලෝසුව නැවත ලැබීමෙන් ඔවුන් ඉමහත් ප්‍රීතියට පත් වු අතරල ශ්‍රී ලංකාවේ වෙසෙන අවංක මිනිසුන් වෙනුවෙන් සිය ගෞරවාන්විත ස්තූතිය ඵල කරන බව ප්‍රකාශ කරන ලදී
එලෙස අත් ඔරුලෝසුව නැවත බාරදීම සිදු කරන ලද්දේ මහනුවර සිට අම්පාරල නුවරගල දක්වා ගමන්කරන ,ජයතිස්ස ලංකා, පෞද්ගලික බස් රථයේ චන්දන දිසානායක නම් 2.6 ගල්ලැහැවත්තල ගල්ලියද්දල මදමහනුවර පදිංචි වයස 32ක් වන විවාහකයෙකිග
ඒ මොහොතේ බස් රථයේ රියදුරු ලෙස කටයූතු කරන ලද්දේ අජිත් රාජපක්ෂ නම් අයෙකි.
රටේ හොද නාමය ජාත්‍යංතරයට රැගෙන යන මෙවන් වු අවංකව මිනිසුන්ගේ ක්‍රියාකාරකම් රටට ගෙන එන්නේ මහත් ගෞරවයකි.
එවන් වු මිනිසුන් ඇඟයිමද අපගේ වගකීමකි.
මහියංගණ - රංජිත් කරුණාවීර