Sri Lanka
පුත්තලමේ 2021 උපන් දරුවන්ට ඉලෙක්ට්‍රොනික උප්පැන්න නිකුත් කිරිම අරඹයි.
2025-07-24 10:36 AM
2021 ජනවාරි මස 01 දිනට පසුව උපන් දරුවන් සදහා ඉලෙක්ට්‍රොනික උප්පැන්න නිකුත් කිරීම පසුගියදා පුත්තලම දිසා ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී සිදු කරන ලදි.
නිකුත් කරන ඉලෙක්ට්‍රොනික උප්පැන්නය ද්වි භාෂාවන්ගෙන් යුක්ත වීම විශේෂත්වයකිග ඒ අනුව සිංහල හෝ දමිල භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන්ද මෙම උප්පැන්නයේ තොරතුරු සටහන්ව ඇතගමෙම හේතුවෙන් නැවත පරිවර්ථයක් අවශ්‍ය නොවන දේශීය සහ විදේශීයව පිළිගන්නා උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට අයදුම්කරුවන්ට හැකියාව ඇත.
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16 කදී මෙම පහසුකම ජනතාවට ලබා ගැනීමට හැකි බව පුත්තලම දිසා ලේකම් සුනන්ද හේරත් මහතා මෙහිදී කියා සිටියේයගඑමෙන්ම විවාහ සහ මරණ සහතිකද ඉදිරියේදී මේ ආකාරයට ලබා ගැනීමට ජනතාවට හැකි බවද දිසා ලේකම්වරයා කියා සිටියේය.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්නල රෙජිස්ටර් ජනරාල් සමන්ත විජේසිංහ යන මහත්වරුන්ද එක්ව සිටියේය.
ජුඩ් සමන්ත -
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට