හෙළයේ විචිත්‍රවත් මහා කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ඇසළ පෙරහැර ආරම්භ වන්නේ නාථ, විෂ්ණු, කතරගම හා පත්තින් යන සිව් මහා දේවාලයන්හි පෞරාණික චාරිත්‍රානුකූලව 4.32 ට යෙදුනු සුබ නැකතට කප් සිටුවිමෙන් අනතුරුවයි. ඒ සඳහා අවශ්‍ය කප කපනු ලැබුවේ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල බිමේදි වන අතර එය අද 24 වැනිදා අලුයම යෙදුනු සුභ නැකතින් චාරිත්‍රනුකූලව සිදු විය.
මෙම චාරිත්‍රයට වසර 300 ක පමණ ඉතිහාසයක් ඇති බව ඓතිහාසික මාවනැල්ල අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලයේ තේවාව භාර ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පවසනවා. එදින අලුයම යෙදුනු සුභ මොහොතින් සිදු වු අතර එම කප පෙරහරකින් රැගෙන විත් අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල බිමේ තිබු ඉපැරණි උපුල්වන් විෂුණු දේවාලයේදි පඩුරු ගැට ගසා ඉන් අනතුරුව දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් පසුව එය මහනුවර දක්වා පෙරහරින් රැගෙන යෑමේ කටයුත්ත සිදු කලේ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ වයස අවුරුදු 32 ක් පමණ වන සුරනිමල හස්තියා විසිනි.
කිලෝමිටර් 26 ක දුරක් පෙරහරින් මහනුවර දක්වා රැගෙන යාම සිදු කරයි. අලුත්නුවර සිට බෙරකරුවන් හෙවිසි කොඩි කරුවන් ඇතුලු අංලකාර වු පෙරහරකින් මහනුවර දක්වා කප රැගෙන යෑම පෙරහරක් ලෙසින් සිදු වෙයි.
මාවනැල්ල සමන් විජය බණ්ඩාර