මොවු ජිවත් වන්නේ මාවනැල්ල, හෙම්මාතගම එරමිණිගම්මන ගම්මානයේය. මෙම අනතුරෙන් පසු ඔහුගේ ඉන කොටසින් පහල කොටස අප්‍රාණික වි ඇති අතර මළ මුත්‍රා පවා පිටවන්නේ ඔහුවත් නොදැනිය. දැන් මේ සියලු කටයුතු සිදු කර ඔහුව පිරිසිදු කර බලා කියා ගන්නේ 35 හැවිරිදි සිය බිරිඳයි. මුණින් අතට පමණක් නිදා ගැනීමට ඔහුට ඇදේ සිදුව ඇත්තේ අනික් අතට හැරෙන්නට නොහැකි වි ඇත්තේ පිටුපස ඇති තුවාල කිහිපයක් නිසාවෙනි. තම නිවසේ ඇතුලත සිට මිදුලේ පුටුවක ගෙනවිත් තබන්නේත් නහවා තුවාල වලට බෙහෙත් දමා කුඩා දරුවෙක් මෙන් සියලු ඇප උපස්ථාන කොට තම ස්වාමියා පිරිසිදු කරන්නේ මෙම දිරිය කාන්තාව විසිනි.
2025 පෙබරවාරි 17 වැනිදා ගමේ පිහිටි පොල් ගසකට නැග්ගේ එහි ගෙඩි කඩන්නටයි. පොල් කිහිපයක් කඩා පොල් අත්තක එල්ලී අනික් පසු පිට ඇති පොල් කඩන්නට උත්සාහ කරද්දි එල්ලි සිටි පොල් අත්ත කැඩි ඔහු බිමට ඇද වැටෙන්නට විය. අඩි 20 ක් තරම් උසක සිට ගස පිහිටි වියළි පොළව මතට ඇද වැටිම හේතුවෙන් ඒ මොහොතේම ඉනෙන් පහල කොටස හිරි වැඩි ඔහුට නොදැනෙන්ට ද එම ස්ථානයෙන් නැගිටින්නටද නොහැකි විම නිසා කෑ ගසද්දි එම නිවසේ උදවිය පැමිණ හෙම්මාතගම රජයේ රෝහල වෙත ගෙන යන්නට විය.
දින කිහිපයකට පසුව මාවනැල්ල කෑගල්ල රජයේ රෝහල් වෙත මාරු කලේ වැඩි දුර ප්‍රතිකාර උදෙසාය. නමුත් යකඩ ඇණ දැම්මට රුපියල් 30000 කට වඩා වැඩි මුදලක් වියදම් වන බව දැන්විම හේතුවෙන් ඒ සියලු කටයුතු කර ගැනීමට මුදල් නොමැති කම නිසා පසුව කොළඹ ජාතික රෝහලින් එම බද්ධ කිරීම් නොමිලේ පසුව සිදු කර ගෙන රාගම රෝහලේ වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් නවත්වා තිබුණත් ඔහුගේ කටයුතු කිරීමට සහ ව්‍යායාම කිරීමට ලග සිටින්නට කිසිම කෙනෙකු නොමැති අසරණ කම නිසාම නැවත නිවසට යෑමට ත්‍රීවිල් රථයක් ගෙන්වා නිවසට පැමිණෙන්නේ වෙන කිසිත් කර ගැනීමට නොහැකි කම නිසාය. ත්‍රීවිල් රථයට ගිය රුපියල් 15000 ක මුදල ගම්වැසියන් එක්ව ගෙවා එම කටයුතු කර තිබුණි. දැනටත් මාසිකව එම රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා ගත යුතු වුවත් එහි යෑමට නොහැකි කම නිසා ඔසු සලින් මුදල් ලබා දී බෙහෙත් ලබා ගන්නේ වෙන කිසිම දෙයක් කර ගැනීමට නොහැකි අසරණ කම නිසාය.
මෙලෙස අසරණ වු ඔහුන්ගේ ජිවන ගමන් මග සහ සිය බිරිඳ ඔහු වෙනුවෙන් කරන ඇප උපස්ථාන දෙස වරක් බලා සිටින විට අපගේ ඇස් වලට කදුළු එක් වෙන්නේ මේ අග හිගකම් මහත් සේ ඇති මෙම නිවසේ මේ සියලු දෙනා සිදු කරන අරගලය දෙස බලා සිටින විටයි. දැනට රෝගී තත්වයට පත්ව සිටින ඩී.ජී. චාමික සජිත් විජේසිරි සහ ඩී.ඩබ්ලිව් අනෝජා කුමාරි යන දෙදෙනාට දරුවන් සිව් දෙනෙක් වන අතර ඉන් තිදෙනෙක් පිරිමි දරුවන් වන එක් අයෙක් කාන්තා දැරියකි. වැඩිමහල් පුතණුවන්ට වයස අවුරුදු 15 ක් වන අතර දියණියට වයස අවුරුදු 12 කි. බාලම පුතණුවන්ට වයස අවුරුදු දෙක හමාරක් වන අතර අනික් පිරිමි දරුවාට වයස අවුරුදු 04 කි. නිවසේ නිදා ගැනීමට හෝ පාඩම් කිරිමටවත් උපයා පියා ගැනීමටවත් හරි හමන් තැනක් ඔහුට නොමැති බව එහි ගිය අපට දැක ගැනීම හැකි විය. නිවසේ මෙපමණ ලෙස හෝ වැඩ අවසන් කර ගෙන ඇත්තේ ගම්වැසියන්ගේ උපකාරයෙනි.
සතියේ දින වලදි නිවසේ සිය ස්වාමියාගේ කටයුතු සිදු කිරීමට ඇති බැවින් තවමත් පෙර පාසල් යෑමට සුදුසුකම් සපුරා නැතත් බාලම දරුවන් දෙදෙනාත් පෙර පාසල වෙත පිටත් කරන්නේ සිය ස්වාමියාගේ කටයුතු සිදු කර ගැනීම වෙනුවෙන්ය. අනෝජා සෑම විවේකයකදිම බීරී ඔතා කියක් හරි උපයා ගන්නට උත්සාහ ගන්නේ මාසිකව විශාල මුදලක් සිය ස්වාමියාගේ බෙහෙත් යනආදිය ලබා ගැනීමට වැඩ වන නිසාය. වතු පිටි අදායම් හෝ වෙනත් අදායම් මාර්ග ඔහුට නැත. සහෝදර සහෝදරියන් සිටියත් ඔවුන්ද කුලි වැඩ කරමින් ජිවිකාව ගෙන යන අය නිසා ඔහුන්ගේ දරුපවුල් ජිවත් කර ගන්නට දරන වෑයම නිසා මේ අය දෙස බැලිමට ඔවුන්ටද වේලාවක් නැත්තේය.
අග හිගකම් දැඩිව දැනෙන අවස්ථා වලදි සහ පාසල් යන දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ පවා ගමේ අය සමහර අවස්ථා වලදි ලබා දෙන අතර ඔවුන්ටද සමහර විට මොවුන්ගේ අසරණ තත්වය ගැන සොයා බැලිමට තරම් වර්තමානයේ ජීවන අරගලයේ පවතින අර්බුද හමුවේ බැරිව යන අවස්ථා අනන්තය.
සමහර විටක කුසගින්නේ සිටින වාර අනන්තය. එමෙන්ම රජයෙන් ලැබෙන සමහර දිමනා ලැබුණත් ඒවාද මේ සියලු කටයුතු කර ගැනීමට තරම් සහයෝගයක් එයින් නොලැබේ. සියලු දෙනා බොහෝ අවස්ථා වලදි පසුවෙන්නේ දුක් මුසු ලිලාවෙනි.
35 හැවිරිදි අනෝජා කුමාරි මේ සිදුවිම මතක් කරමින් කාගෙන් හෝ ඉල්ලා සිටින්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරන්නට අවශ්‍ය උපකාරයක් කරන්නට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි. එමෙන්ම තම ආදරණිය ස්වාමියාගේ රෝගී තත්වය සුවපත් කරන්නට අවශ්‍ය උපකාරයක් කර ගන්නට හැකියාව තිබෙන කෙනෙක් ඉදිරිපත් වුවහොත් මහා ලොකු පුණ්‍ය කර්මයක් වන බවයි.
උපකාරයක් කරන්නට ඔබට හැකිනම් ජී.9/5 පන්සල පාර මොලිගමුව, හෙම්මාතගම ලිපිනයෙන් ගොස් හමුවිය හැකි අතර නැතහොත් 071 2805338 අංකයට හෝ 0772329034 අංක වෙත ඇමතුමක් ලබා දී අවශ්‍ය සම්බන්ධීකරණයන් සිදු කර ගත හැකියි.